අප ගැන ප්‍රවෘත්ති ‍සේවාවන් ප්‍රකාශන විස්තර අංශ දත්ත බාගත කිරීම
 
අප ගැන
දැක්ම
“මතු පරපුරේ අයිතීන් ආරක්ෂා කරමින් දරිද්‍රතාව පිටුදකින ඉඩමෙන් ප්‍රශස්ත ඵල නෙලන ශ්‍රී ලංකාවක් කරා”
මෙහෙවර
“පරිසරයේ සමතුලිතතාව රැකෙන පරිදි අදාල සියලු අංශ වල මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධනයේ චිරස්ථායී බව අරමුණු කරගෙන රජයේ ඉඩම් ප්‍රශස්ත මට්ටමින් යෙදවීම තහවුරe කරන මනා කළමනාකාරීත්වයක් පවත්වා ගෙනයෑම”
ඉතිහාසය‍
සිංහල රාජ්‍ය සමයේ සියලුම ඉඩම් රජතුමා සතුවූ අතර, ඉඩම් වල අයිතිය හිමිවූයේ භුක්තිය අනුවය. ඒවා පරෙව්ණි ඉඩම් විය. ඉඩම් බැහැර කිරීම සිදුවූයේ නින්දගම්, විහාරගම් ආදී වශයෙනි.

මේ ආකාරයට පැවති ඉඩම් අයිතිය 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමග ක්‍රියාත්මක වූ 1840 රජ‍යේ ඉඩම් අනවසරෙයන් අල්ලා ගැනීම පිළිබද ආඥා පනත, 1897 මුඩු බිම් පනත ක්‍රියාත්මක වීමත් සමග වෙනස් විය. ඒ මගින් දිවයිනේ මුළු භූමි ප්‍රමාණ‍‍යෙන් විශාල කොටසක් රජයේ ඉඩම් බවට පත් වූ අතර, එතෙක් ඉඩම් පාරම්පරිකව භුක්ති විඳි ස්ව‍‍දේශීය විශාල ජනතාවකට එම ඉඩම් අහිමි වීම සිදුවිය.

පසුව 1931 ක්‍රියාත්මක වූ ඩොනමෝර් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අර්ධ ස්වාධීන පාලන ක්‍රමයක් හිමි වූ අතර, එහිදී ඉඩම් අහිමි ස්වදේශීය මහ ජනතාවට ඉඩම් ලබාදීමේ අවශ්‍යතාව පැන නැගිණි. එබැවින් එකී කාර්යභාරය ඉටු කිරීම සඳහා ඉඩම් පරිපාලනය, සංරක්ෂණය කිරීම සඳහාත් 1935 වස‍රේ දී ඉඩම් සංවර්ධන ආඥා පනත නීති ගත කර එකී ආඥා පනත යටතේ කටයුතු කිරීමට අවශ්‍ය පරිපාලන ව්‍යූහය සකස් කිරීම සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබීය. එකල මධ්‍යගත සැලැස්මක් යටතේ දිසාපති කාර්යාල මගින් මෙම ඉඩම් රාජකාරි ඉටු කිරීම සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මත පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග, එ‍තෙක් ක්‍රියාත්මකව පැවති මධ්‍යගත පාලන ක්‍රමය වෙනසකට භාජනය වූ අතර අන්තර් පළාත් වාරිමාර්ග හා ඉඩම් සංවර්ධන යෝජනා ක්‍රම රජයේ ඍජු කළමනාකරණයට යටත් වූ අතර, අ‍‍නෙක් ප්‍ර‍‍‍දේශ වල ඉඩම් කළමනාකරණය පළාත් සභා වලට පැවරිණ. ඒ අනුව දිවයිනේ ඇති සියලුම මහ ගොවි ජනපද ව්‍යාපාර ඇතුළුව පළාත් සභා එකකට වැඩි ප්‍රමාණයක් කරා පැතිරී යන සංවර්ධන යෝජනා ක්‍රම ‍අන්තර් පළාත් ඉඩම් සංවර්ධන යෝජනා ක්‍රම ලෙස රජයේ ඍජු පාලනයට යටත් වූ අතර ඒවා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුවිය.


පසුව 2004.09.05 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තෙම්න්තුව ශ්‍රේණි උසස් කිරීමකට භාජනය වූ අතර, ඒ අනුව 2004.09.15 දින සිට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ලෙස නම් කරන ලදී.

සංවිධාන සටහන ප්‍රාදේශීය කාර්යාල පිහිටීම
ඉහලට^
        
© 2007 Land Commissioner General's Department All Rights Reserved – Developed in Association with Site By