| දත්ත බාගත කිරීම |
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා වෙන්කර ගැනීම සඳහා අයදුම් පත්‍රය
2010-01-06
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා වෙන්කර ගැනීම සඳහා අයදුම් පත්‍රය මෙහිදී බාගත කරගත හැක.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා වෙන්කර ගැනීම සඳහා අයදුම් පත්‍රය (
48.5 KB )
|
1947 අංක 08 දරණ රජයේ ඉඩම් ආඥා පනත මගින් ඉඩම් කොමසාරිස්වරයාට රජයේ ඉඩම් පිළිබඳව කටයුතු කිරීමට පුළුල් බලතල ලබාදීම. මේ යටතේ,
2009-05-20
රජයේ ඉඩම් පුද්ගලයන් සහ සමාගම් වෙත දීර්ඝකාලීනව බදු ලබාදීම.
ප්‍රාදේශීය බලමණ්ඩල වලට හෝ හමුදාවලට පැවරeම් ආඥා මගින් රජයේ ඉඩම් ලබාදීම.
ආගමික හෝ පුන්‍යමය හෝ විද්‍යාත්මක කටයුතු සඳහා විශේෂ දීමනා පත්‍ර හෝ විශේෂ බදුකර නිකුත් කිරිමට පියවර ගැනීම.
ආගමික කටයුතු සඳහා රජයේ ඉඩම් ලබාදීම.
ක්‍රීඩා සමිති, ග්‍රාම සංවර්ධ සමිති ආදී සමිති සඳහා රජයේ ඉඩම් ලබාදීම.
සමූපකාර සමිති සඳහා වරණීය පදනමින් රජයේ ඉඩම් ලබාදීම.
රාජ්‍යානුබද්ධ සංස්ථාපිත ආයතනයන්ට විශේෂිත දීමනා හෝ බදු වශයෙන් රජයේ ඉඩම් ලබාදීම.
|
1979 අංක 43 දණ රජයේ ඉඩම් ප්‍රධාන (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාවට නැගීම.
2009-05-20
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වී ඇති ඉඩම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග මගින් ගැසට් නිවේදන පලකොට රජයට ලබා ගෙන එම ඉඩම්, ඉඩම් අහිමි අඩු ආදායම්ලාභී සහ ඉඩම් සංවර්ධනය කිරීමේ ශක්‍යතාවය සහිත පුද්ගලයන් වෙත නියාදන සාධන පත්‍ර මගින් බැහැර කිරීමට පියවර ගැනීම.
ඉඩම් ප්‍රතිසංස්කරණ විෂයභාර ඇමතිවරයාගේ එකඟතාවය පරිදි ඉඩම් ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් පල කිරීමෙන්, අදාල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් රජයේ ඉඩම් බවට නීත්‍යානුකූලව පත් කිරීම.
යම් නීත්‍යානුකූල ක්‍රමයක් මගින් එනම් ඉඩම් ක�� ්�� ේරි මගින් සුදුසු පුද්ගලයන් තෝරා ඔවුන් වෙත අතිගරe ජනාධිපතිතුමාගේ අත්සනින් යුතු නියාදන සාධන පත්‍රයක් මගින් අයිතිය ලබාදීම.
|
1942 අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥා පනත ක්‍රියාවට නැගීම.
2009-05-20
පුරවැසියන් සතු පුද්ගලික ඉඩම් යම් යම් බැඳීම් වලට යටත් වී ඇති අවස්ථාවක, එකී බැඳීමට යටත් වූ ඉඩම් හිමියාගේ අයදුම පරිදි ඉඩම් කොමසාරිස්වරයා එයට මැදිහත් වී ඉඩම රජයට නීත්‍යානුකූලව අත්පත් කරගැනීමෙන් අනතුරeව බැඳුම්කරeට නිදහස් කරදීම.
මෙම නීතිමය ක්‍රියාමාර්ගයේදී අත්පත් කරගනු ලබන ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන පරිදි කොන්දේසි සහිත දීමනාපත්‍ර ලෙස මුල් හිමිකරeට ලබාදීම.
එකී ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රජය විසින් වැය කරනු ලැබූ මුදල් ඉඩම් හිමියාගෙන් රජයට ලැබීමෙන් අනතුරeව ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන පරිදි නිදහස් දීමනා පත්‍රයක් ලබාදීම.
|
1979 අංක 7 දරණ රජයේ (සන්තකය ආපසු ගැනීමේ) පනත.
2009-05-20
රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගත් පුද්ගලයන් සරල නීතිමය ක්‍රියාමාර්ගයකින් ප්‍රමාදයකින් තොරව ඉවත් කිරීමේ කාර්ය සඳහා මෙම පනත නීතිගත කරන ලදී.
|
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්ථාපනය
2009-01-22
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනතින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්ථාපනය විය. එම පනත 1969 අංක 16, 1981 අංක 27, 1993 අංක 22, 1995 අංක 05 සහ 1996 අංක 20 දරණ පනත් වලින් දෙපාර්තමේන්තුවේ කාර්යයන් වැඩිදුරටත් විධිමත් කිරීම සිදුවිය.
|
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව - කාර්යසාධන වාර්තාව - 2006
2007-07-19
2006 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තාව
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව - කාර්යසාධන වාර්තාව - 2005 (
443.7 KB )
|
|
|
| ඉහලට^ |