සිංහල රාජ්‍ය සමයේ සියලුම ඉඩම් රජතුමා සතුවූ අතර, ඉඩම් වල අයිතිය හිමිවූයේ භුක්තිය අනුවය. ඒවා පරෙව්ණි ඉඩම් විය. ඉඩම් බැහැර කිරීම සිදුවූයේ නින්දගම්, විහාරගම් ආදී වශයෙනි.
මේ ආකාරයට පැවති ඉඩම් අයිතිය 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමග ක්‍රියාත්මක වූ 1840 රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පිළිබඳ ආඥා පනත, 1897 මුඩු බිම් පනත ක්‍රියාත්මක වීමත් සමග වෙනස් විය. ඒ මගින් දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් විශාල කොටසක් රජයේ ඉඩම් බවට පත් වූ අතර, එතෙක් ඉඩම් පාරම්පරිකව භුක්ති විඳි ස්වදේශීය විශාල ජනතාවකට එම ඉඩම් අහිමි වීම සිදුවිය.
පසුව 1931 ක්‍රියාත්මක වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අර්ධ ස්වාධීන පාලන ක්‍රමයක් හිමි වූ අතර, එහිදී ඉඩම් අහිමි ස්වදේශීය මහ ජනතාවට ඉඩම් ලබාදීමේ අවශ්‍යතාව පැන නැගිණි.
තවත්>>
|