| ප්‍රවෘත්ති |
උතුරු හා නැගෙනහිර පළාත් වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම
2011-08-01
උතුරු නැගෙනහිර පළාත් වල මතුවී ඇති ඉඩම් ගැටළු නිරාකරණය කර එම කටයුතු විධිමත් කිරිම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
තවත්>>
|
"පුණ්‍ය භූමි දීමනාපත්‍ර ප්‍රදානෝත්සවය"
2009-11-12
ගෞරවණීය විහාරාධිපති හිමිවරුන් වෙත නිදහස් දීමනාපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය භූමි දීමනාපත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 16 වන සඳුදා, ප.ව.4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
තවත්>>
|
ඔබ රජයේ ඉඩමට අදාල බදු මුදල ගෙව්වාද . . . ?
2009-06-15
නිසි ආකාරයට බදු මුදල් නොගෙවන පුද්ගලයින් සොයා බලා එම බදුකර අවලංගු කිරීමටත් සිවිල් නඩුවක් මගින් අදාල රජයේ මුදල් නෛතික පොළිය සමග අයකරවා ගැනීමටත් දෙපාර්තමේන්තුවේ නීති අංශය කඩිනම් වැඩපිළිවෙලක් අරඹා ඇත.
තවත්>>
|
“බිම්සවිය” වැඩසටහන
2009-06-01
බිම් සවිය වැඩසටහන යටතේ හිමිකම් ලියාපදිංචි කිරීම පහසු කිරීම සඳහා රජයේ ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර, එම ඉඩම්වල පදිංචි ජනතාවගේ හිමිකම් ලබාදීම සිදුකරයි.
තවත්>>
|
බිම් අඟලක් අහිමි ඔබට නිරවුල් බිමක උරුමය සැබෑ කරමු
2009-02-16
ඔබ සුදුස්සෙක්ද?
ඔබටම කියා ඉඩමක් නොමැති නම් හෝ උරුම වීමට හෝ ඉඩකඩම් නොමැත්තේ නම් ඔබ රජයේ ඉඩමක් ලැබීම වෙනුවෙන් ලියා පදිංචියට සුදුස්සෙකි.
ඉහත සුදුසුකම් සහිතව ඔබ දැනට රජයේ ඉඩම් කොටසක අනවසරයෙන් පදිංචි නම් ඔබටත් ෙම් සඳහා ඉල්ලුම් කළ හැකිය.
තවත්>>
|
උස්බිම් සංවර්ධන ව්‍යාපෘතිය
2008-05-22
ඉඩම් සංවර්ධන ආඥා පණත යටතේ දෙපාර්තමේන්තුව මගින් බෙදා දෙන ලද මඩ ඉඩම් මනා ලෙස සංවර්ධනය කර ඇතත් ගොඩ ඉඩම් ඌන සංවර්ධිත තත්වයක පැවති හෙයින් එම ඉඩම් වඩාත් ඵලදායී අන්දමින් යෙදවීම සඳහා උස්බිම් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
තවත්>>
|
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ 2007 වර්ෂයේ කාර්යභාරය පිළිබඳ පසු විපරමක්
2008-01-04
2007 වර්ෂය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් හා ඵලදායී වැඩකටයුතු කිහිපයකින් ප්‍රගතියක් ලබාදුන් වර්ෂයකි. දෙපාර්තමේන්තුවට 75 සංවත්සරය පිරීම නිමිත්තෙන් සමරූ වැඩසටහනක් ද වසර ගණනාවක් මුළුල්ලේ දෙපාර්තමේන්තුවට නොපැවති ස්ථිර ගොඩනැගිල්ලක් වෙනුවෙන් සැප්තැම්බර් මස 6 වෙනි දින බත්තරමුල්ලේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයට යාබද පරිශ්‍රයේදී මුල්ගල තැබීම ද විශේෂත්වයන් වේ.
තවත්>>
|
2007 ජාතික ඵලදායිතා සම්මාන උළෙල
2007-12-11
2007 ජාතික ඵලදායීතා සමිමාන උළෙල, 2007 ඔක්තෝබර් මස 23 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූ අතර, ජාතික මට්ටමේ කුසලතා සහතිකපතක් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හිමිකරගෙන ඇත.
තවත්>>
|
3 වන ස්ථානය - බස්නාහිර පළාත් ඡාතික ඵලදායිතා සම්මාන 2006
2007-09-24
බස්නාහිර පළාත් ඡාතික ඵලදායිතා සම්මාන 2006 තරගාවලියේ දෙපාර්තමේන්තු අංශයෙන් 3වන ස්ථානය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
ඒ සඳහා සම්මාන ප්‍රදානෝත්සවය 2007-09-24 දින මාතර දී පැවැත්වින.
තවත්>>
|
ඉඩම් කළමණාකරනය පිළිබඳව පැවැත්වෙන පුහුණු වැඩසටහන
2007-09-17
ඌව,සබරගමුව හා දකුණු පළාත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ඉඩම් කළමණාකරනය පිළිබඳව පැවැත්වෙන පුහුණු වැඩසටහන 2007 සැප්තැම්බර් 17 සහ 18 යන දිනයන්හි, ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
තවත්>>
|
|
|
| ඉහලට^ |