| සේවාවන් |
| රජයේ ඉඩම් ප්‍රතිපත්ති නීතිගත කිරීම. |
රජයේ ඉඩම් ප්‍රතිපත්තිය තීරණය කිරීම හා ඊට අනුකූලව සියළු පළාත් වල ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහෙයවීම.
ශ්‍රී ලංකාව තුළ පිහිටි රාජසන්තක ඉඩම් පාලනය හා පරිපාලනය ද එම ඉඩම් නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා විවිධ පුද්ගලයින් හා ආයතන වෙත ලබාදීම ද, එම ඉඩම් සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට අදාළ කාර්යයන් ඉටු කිරීමටද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයවේ. ඒ අනුව ඉඩම් සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ මූලික කාර්යභාරය මෙම දෙපාර්තමේන්තුවට පැවරෙන අතර, විවිධ රාජ්‍ය අනුබද්ධ ආයතන වලට අයත් ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමේ දී මෙම දෙපාර්තමේන්තුවෙන් විමසීම ද සාමාන්‍යයෙන් සිදුවේ.
රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මෙම දෙපාර්තමේන්තුව පරිපාලන මට්ටම් කිහිපයක් සමග එකමුතුව කටයුතු කෙරේ. ඒ අනුව පළාත් සභා සතු බල ප්‍රදේශ වල ඉඩම් පරිපාලන කටයුතු පළාත් ඉඩම් කොමසාරිස්වරeන් මගින් ද අන්තර් පළාත් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති බල ප්‍රදේශ වලට අයත් ඉඩම් ඝෘජුවම මධ්‍යම රජය යටතේ ඉඩම් කොමසාරිස් ජනරාල් යටතේ වන ප්‍රාදේශීය නිලධාරීන් (නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරeන්) මගින් ද අධීක්ෂණය කෙරේ. මධ්‍යම රජයේ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ හා පළාත් ඉඩම් කොමසාරිස් යන දෙදෙනාගේම ප්‍රාදේශීය මට්ටමේ රාජකාරි කරන නිලධාරියා වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාය. මෙම ආයතන තුනම අනුගමනය කරන්නේ එකම නීතිමය රාමුවක් තුලය.
පළාත්සභා බල ප්‍රදේශ තුල පිහිටි ඉඩම් පරිපාලනයේ යම්යම් බලතල පැවරී ඇතත් දිවයින පුරා පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය මත පළාත් ඉඩම් කොමසාරිස්වරeන් සමග නිරන්තර සබඳතාවයක් පවත්වා ගෙන යෑම. අවශ්‍ය නීතිමය කරeණු සම්බන්ධ උපදේශක සේවාවක් ලබාදීම හා මහජනතාවගේ ඝෘජු විමසීම් වෙනුවෙන් අවශ්‍ය රාජකාරි පියවරයන් ඉටු කිරීම මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වේ.
|
| රජයේ ඉඩම් බැහැර කිරීම |
රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය.
රජයේ ඉඩම් කුමන අවශ්‍යතාවයක් සඳහා කුමන ප්‍රමාණයකින් පුරවැසියන් හා සංවිධාන වෙත ලබාදීම මෙම පනත මගින් සිදු කෙරේ.
|
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය.
ශ්‍රී ලංකාවේ ගොවි පන්තිය, අඩු ආදායම් පන්තිය, වැඩි ආදායම් පන්තිය හා උගත් තරEණයන් යන පංති වලට අයත් පුද්ගලයන් කෘෂිකාර්මික කටයුත්තක් හෝ පදිංචිය සඳහා නිවසක් ඉදිකර ගැනීමට හෝ එම කාරණා දෙකටම ඉඩම් ලබාදීම මේ මගින් සිදු කෙරේ. ඉන් බැහැර කරeණු සඳහා මෙම පනත යටතේ ඉඩම් ලබා නොදේ.
|
ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය.
ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් ගොවි පංතියේ පුද්ගලයන් වෙත කෘෂිකාර්මික කටයුත්තක් හෝ පදිංචිය සඳහා නිවසක් ඉදිකර ගැනීම හෝ එම කාරණා දෙකටම මෙම නීතිය යටතේ ඉඩම් ලබාදේ. වෙනත් කිසිදු කරeණක් සඳහා මෙම නීතිය යටතේ ඉඩම් ලබා නොදේ.
|
| බැහැර කරන ලද රජයේ ඉඩම් සඳහා නීත්‍යාණුකූල අයිතිවාසිකම් ලියවිලි නිකුත් කිරීම. |
රන්බිම දීමනාපත්‍ර ලබාදීම
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අවසරපත්‍රයක් ලැබූ තැනැත්තෙකුට ඒ සඳහා අවසරපත්‍රකරe ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතු අතර, රජයට ගෙවිය යුතු ගාස්තු අතින් ගෙවීමෙන් පසු ලබාගත හැක. මෙම ලියවිල්ල සකස් කරනු ලබන්නේ ඉඩම් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් විසිනි. ඉන්පසු එය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවූ පසු හරි වැරදි බලා ජනාධිපතිවරයාගේ අත්සන ලබාගෙන ආපසු ප්‍රාදේශීය ලේකම් මගින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර, මුල් පිටපත අවසරපත්‍ර ලාභියාට භාරදීම. |
නියාදන සාදන පත්‍ර
1973 අංක 43 දරණ ඉඩම් ප්‍රදාන (විශේෂ විධි විධාන) පනත යටතේ තෝරාගත් තැනැත්තන් වෙත මෙම දිමනා පත්‍රය ලබාදේ. දීමනාපත්‍රය ලබාගැනිමට ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතුය. මෙම දීමනාපත්‍රයට සේවා ගාස්තු අය නොකරයි. දීමනාපත්‍රය සකස් කිරිම රන්බිම දිමනාපත්‍රය සකස් කිරිම හා සමානයි. |
මධ්‍යම පංතික දීමනා පත්‍ර
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වැඩි අදායම් තත්වයේ පුද්ගලයන්ට ලබාදුන් ඉඩම් සඳහා මෙම දීමනාපත්‍ර ලබාදේ. මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 5ට වඩා වැඩි ඉඩම් කොටස් ලබාදි ඇති අතර, දීමනාපත්‍රය ලබාගැනීම සඳහා රජය වෙත ගාස්තු ගෙවා අවසන්ව තිබිය යුතු අතර, ඉඩම හොඳින් සංවර්ධනය කර තිබය යුතුය. |
ඉඩම් නිකුත් කිරීමේ ආඥා පනත යටතේ වූ නිදහස් දිමනා පත්‍රය.
මෙම දීමනාපත්‍රය නිකුත් කරනුයේ ඉඩම් නිදහස් කිරීමේ ආඥා පනත යටතේය. මෙම ඉඩම් රජයට ලබා ගැනීමට වැයවූ මුදල හා පොලිය හිමිකරe හෝ ඔහුගේ උරeමකරeවන් රජයට ගෙවූ පසු කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් දීමනාපත්‍රයක් ලෙස ලබාගත හැක. |
දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම
1947 අංක 8 දරණ රජයේ ඉඩම් ආඥා පනත යටතේ බදු බලපත්‍ර ලබාදේ. නේවාසික, කෘෂිකාර්මික හා වාණිජ අරමුණු උදෙසා වසර 30ක කාලයකට පුද්ගලයන්ට හා ආයතන වලට දීර්ඝකාලීන බදු ලබා දේ. විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් බදු කාලය වසර 50 දක්වා දිගු කල හැක. මුල් බදු කාලයේ සාර්ථකත්වය මත නැවත බදු කාලය දීර්ඝ කල හැක. මෙම බලපත්‍ර ඉඩම් කොමසාරිස් ගේ පූර්ව අනුමැතිය ලබා ගෙන පැවරීම හා උගස් කිරීම සිදුකල හැක |
රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීමනා පත්‍ර නිකුත් කිරීම
නේවාසිකව බදු දී ඇති ඉඩම් සඳහා එහි සාර්ථකත්වය සලකා, ඉඩමේ නොදියුනු වටිනාකම අයකර, දීමනා පත්‍රයක් නිකුත් කිරීම සිදුකල හැක. එම දීමනා පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඉඩමේ පූර්ණ අයිතිය පුද්ගලයාට ඉඩම හිමිවේ. |
රජයේ ඉඩම් ආඥාපනත යටතේ විශේෂ දීමනා පත්‍ර
විශේෂ හේතූන් මත අතිගරe ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දීමනා පත්‍ර නිකුත් කල හැක. මෙහිදී මුදල් අය නොකෙරේ. රජයේ විශේෂ සමාජමය ව්‍යාපෘති වෙනුවෙන් විවිධ රාජ්‍යමය ආයතන සඳහා ඉඩම් ලබාදීම හා රජයට අතිපත් කරගත් පුද්ගලික ඉඩම් වෙනුවෙන් වන්දි ලබා නොගන්නා අයට විකල්ප ඉඩම් ලබාදීම උදාහරණවේ. |
රජයේ ඉඩම් ආඥාපනත යටතේ පූජා ඔප්පුවක් ලබාදීම
පන්සල් වෙනුවෙන් ලබාදේ. පළමුව දායක සභාව සඳහා ප්‍රාරම්භක බදුකරයක් ලබාදේ. දෙවෙනුව විහාරාධිපති ස්වාමීන්වහන්සේට හා ශිෂානුශිෂ්‍ය පරම්පරාවට නිදහස් දීමනා පත්‍රයක් ලබාදේ. |
රජයේ ඉඩම් ආඥාපනත යටතේ පැවරeම් නියෝග
ත්‍රිවිධ හමුදාව හා පළාත් පාලන ආයතන සඳහා ඉඩම් පැවරීමක් සිදුකරයි. ඒ සඳහා පැවරeම් නියෝග සකස් කළ යුතුයි. |
රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් නිදහස් කිරීම
රාජ්‍ය දෙපාර්තමේන්තු ෙවත ඉඩම් ලබාදීමේ දී ඉඩම් නිදහස් කිරීමේ සහතික පත්‍රයක් ලබාදේ.
|
| ඉඩම් සංවර්ධනය |
ශ්‍රී ලංකාවේ මුල්කාලීන ජනාවාසකරණ වැඩසටහන් වලදී ඉඩම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවක් පිහිටුවා, ඒ යටතේ කටයුතු කරනු ලැබීය.එම දෙපාර්තමේන්තුව ඉඩම්ලාභීන් පදිංචි කරවීම සඳහා සියලු යටිතල පහසුකම් සංවර්ධනයත්, සමාජ විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගෙන මානව සංවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබීය. 80 දශකයේ එම දෙපාර්තමේන්තුව රජය විසින් වසා දමනු ලැබීමෙන් පසු මෙම වැඩ කොටස ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉටුකිරීමට සිදුවිය. ඒ අනුව අද වන විට අන්තර් පළාත් මහ ගොවි ජනපද වල සංවර්ධන කටයුතු ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවත්, ගම් පුළුල් කිරීමේ ව්‍යාපාර වලට අනුව ඉඩම් සංවර්ධන කටයුතු පළාත් සභා වල ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු මගිනුත් දැනට ඉටුවේ.
මේ යටතේ ජනපද අභ්‍යන්තර මාර්ග නඩත්තු කිරීම, බීමට ජලය සැපයීම, පොදු ගොඩනැගිලි නඩත්තු කිරීම හා විශේෂ ජනාවාසකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුවේ.
|
| ඉඩම් ආදායම් රැස් කිරීම හා ගිණුම්ගත කිරීම |
අන්තර පළාත් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන බල ප්‍රදේශ තුල විවිධ ආඥා පනත් යටතේ නිකුත් කර ඇති විවිධ බලපත්‍ර වෙනුවෙන් බදු මුදල් එක්රැස් කිරීම හා බදු ආදායම් වෙනුවෙන් නිසි පරිදි ගිණුම් පවත්වා ගෙන යාම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව වාර්ශික ආදායම් ඇස්තමේනේන්තු පිළියෙල කරයි. බදු ගෙවීම් පැහැර හරින්නන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකර, හිඟ බදු අයකර ගැනීමට කටයුතු කිරීම හා නව බදුදීම් සිදුකල හැකි අවස්ථා හඳුනා ගැනීම ද මෙහි දී සිදු කෙරේ.
|
| ලෝක ආහාර වැඩසටහන |
ගොවි ජනපද ආරම්භයේ පටන් එක් එක් ජනපද වල ජනපදිකයන් තම ආර්ථික ස්ථායීතාවය වර්ධනය කරගන්නා තෙක් ලබාදුන් ද්‍රව්‍යමය ආධාර යටතේ ලෝක ආහාර ආධාර වැඩපිළිවෙල යටතේ ලබාදීමට කටයුතු කෙරිනි. එම ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ අදාල නැව් සමාගම් වලින් එම ආහාර තොග නිශ්කාෂණය, ගබඩාකිරීම, නිකුත් කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව යටතේ රත්මලානේ පිහිටි ලෝක ආහාර ගබඩාවේ සිදු කරනු ලබයි. මේ යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය, පුනරැත්ථාපන අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන වලට ලැබෙන ආහාර තොග නිශ්කාෂණය, ගබඩාකිරීම, නිකුත් කිරීම යන කටයුතු සිදු කරනු ලබයි.
|
| ජංගම සේවාවන් |
සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් යටතේ ගැටළු අවම කරගැනිම සඳහා ජනපද ඉඩම් වල ගැටළු හඳුනා ගෙන ඒවා සඳහා විසදුම් ලබා දීමට ජංගම දින පැවැත්වීම සිදු කරන අතර, එවැනි ජනහමු
- ජාතික මට්ටමින්
- පළාත් මට්ටමින්
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කරනු ලබයි.
මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගන්නා ගැටළු වලින් එවේලේම විසඳුම් ලබාදිමට හැකි ගැටළු වලට විසඳුම් ලබාදිම. ඉඩම් වල අයිතිය තහවරe කර ගැනීම සඳහා බලපත්‍ර ලබාදීම වැනි විසඳුම් ලබාදීමද සිදු කෙරේ.
|
නීතිමය උපදෙස් සැපයීම
තවත් |
| |
| ඉහලට^ |